කොරෝනා නිසා ඇඟලුම් අපනයනකරුවන්ගේ ගැටලු පිළිබඳ සාකච්ජාවක් අරලියගහ මන්දිරයේ දී (වීඩියෝ)

මාර් 31, 2020
  • රටේ උද්ගතව ඇති තත්වය හමුවේ ඇඟලුම් අපනයනකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ජාවක් අරලියගහ මන්දිරයේ දී අද (31) පැවැත්විණ.

    ඒ අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
    කොරෝනා වෛරසය ලොව පුරා පැතිරයාම නිසා, මෙරට ඇඟලුම් ක්‍ෂේත්‍රයේ අපනයනකරුවන් ගැටලු රැසකට මුහුණ පා තිබේ. ඊට කඩිනම් විසඳුම් ලබාදීමට සාකච්ජාව පැවැත්විණ. පෙබරවාරි මාසයේ සිට මේ දක්වා අපනයනය කර ඇති ඇඟලුම් සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඇතැම් ආයතන මුදල් නොගෙවීම රමරට අපනයනකරුවන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක්. මේ අතර, දැනට ඇණවුම් කර නිෂ්පාදනය කෙරෙමින් පවතින ඇතැම් ඇණවුම් අවලංගු කිරීම ද මෙරට නිෂ්පාදකයන් මුහුණ දෙන ගැටලුවක්. මෙම තත්වය මත ඉදිරි මාස තුනේ දී අපනයනකරුවන්ට ඇති විය හැකි ගැටලුකාරී සහ අභියෝගවලට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණ. යුරෝපා සංගමයේ මෙරට නියෝජිත කෝස්ටන් බර්ග්ෆෙඩ් අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු ප්‍රධානී සුසේන් වොක් සහ මෙරට ඇඟලුම් අපනයන ක්‍ෂේත්‍ර යේ ප්‍රධාන කර්මාන්තකරුවන් රැසක් සාකච්ජාවට එක්වූහ. මෙම ගැටලුම සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීමට අපේක්‍ෂා කරන බව, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

    Last modified on අඟහරුවාදා, 31 මාර්තු 2020 20:05

    Latest News