අපොස (සා.පෙ.) ප්‍රතිඵල මේ මස 30ට පෙර; අමාත්‍ය ඩලස්

අප්‍රේ 01, 2020

    අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වැනිදාට පෙර නිකුත් කරන බව, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇතැම් වගකීම් විරහිත සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීම රජයේ පාසල් ආරම්භ කළ දින සිට සති දෙකක් තුළ සිදු කළ  හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අයි සහ නේත්‍රා නාලිකා ජාතියේ අධ්‍යාපන නාලිකා දෙකක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කළ බව ද මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ. රට තුළ පවතින වාතාවරණය හමුවේ නිවෙස්වල රැඳී සිටින සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම එහි අරමුණයි.

    Latest News