ආශිර්වාද පූජා දිවයින පුරා විහාරස්ථානවල (වීඩියෝ)

අප්‍රේ 01, 2020
  • කොරෝනා වෛරස අවදානමට ලක්ව සිටින රටවාසී හා ලෝකවාසී ජනතාවට නිදුක් නිරෝගී බව හා ජිවිත ආරක්‍ෂාව පතා සිදු කෙරෙන ආශිර්වාද පූජා දිවයින පුරා විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අද ආරම්භ කෙරිණ.

    ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ඉල්ලීම මත සිදු කෙරෙන ආශිර්වාද පූජා ලබන 7 වැනිදා දක්වා දිනපතා රාත්‍රී 7.00ට ආරම්භ කෙරේ. මෙහිදී දිවයින පුරා ජනතාව එකම වේලාවක පංච ශිලයෙහි පිහිටා රාත්‍රී 7.55ට සත් ක්‍රියා සිදු කිරීමෙන් ආධ්‍යාත්මික බලයකින් රටේ ජනතාවටත්, ලෝකවාසීන්ටත් යහපතක් සිදුවන බව මහා සංඝරත්නය පෙන්වා දෙයි.

    Last modified on බදාදා, 01 අප්‍රේල් 2020 20:45

    Latest News