වායු ගෝලයට මුදා හැරුණු කාබන් ප්‍රමාණය මේ වනවිට ඉතා අඩුවේ

අප්‍රේ 01, 2020

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් වායු ගෝලයට මුදා හැරුණු කාබන් ප්‍රමාණය මේ වනවිට ඉතා අඩුවීමක් දක්නට ලැබෙන බව දේශගුණික බලධාරීන් පවසයි. ‍

    වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සමඟ ලොව රටවල් රැසක් සති කිහිපයක් පුරා වසා දමා තිබීම මේ තත්වයට හේතුවයි. කොරෝනා වෛරසය මේ වනවිට රටවල් 203ක ව්‍යාප්ත වී ගිහින්. ඉන් බහුතර රටවල් සංඛ්‍යාවක් වසා දැමීම නිසා එම රටවල වෙළෙඳ නිෂ්පාදන, පුද්ගල ක්‍රියාකාරකම්, ප්‍රවාහන කටයුතු ඇතුළු සියල්ල නවතා දැමීම හේතුවෙන් මේ වනවිට වායු ගෝලයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය ඉතා අවම තත්වයකට පත්ව තිබේ. 

    ගෝලීය වශයෙන් කාබන් වායු ගෝලයට මුදා හැරීම 2009 වසර වනවිට ගිගාටොන් 32 සිට 31.5 දක්වා අඩු වුවද 2010 වනවිට එය ගිගාටොන් 33.2ක් දක්වා ඉහළ ගියේය. ඉකුත් වසර වනවිට එය ගිගාටොන් 36.8ක් ලෙස ඉහළතම අගයක් ගෙන තිබිණ. ෆින්ලන්තයේ බලශක්ති හා පිරිසිදු වාතය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව ඉකුත් මාසය වනවිට කාබන් ටොන් මිලියන 200කින් අඩුවී තිබීම විශේෂත්වයක්.

    ඒ අනුව, ලොව වායු ගෝලය විශාල වශයෙන් යළි පිරිසිදු වෙමින් පවතින අතර මීට සමගාමීව ඕසෝන් ස්ථරය ද යළි ප්‍රතිසංස්කරණය වෙමින් පවතින බවට විශ්වාස කෙරේ.

    Latest News