ජනාධිපතිතුමා බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවේ රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට කමිටුව පත් කෙරිණ.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ අමාත්ං කශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුව රැඳවියන්ට සහන සැලසීමේ නිරීක්ෂණ ජනාධිපති ලේකම්තුමා වෙත ඉදිරිපත් කෙරිණ.
දඩ ගෙවා ගැනීමට නොහැකි, ඇප ලබාදී තිබුණද ඇප කොන්දේසි සම්පූර්ණ කරගත නොහැකි, ඉතා සුළු වැරදි වලට සිරගතවූවන් හා දඬුවම් කාලයෙන් වැඩි කොටසක් අවසන් කර ඇති, ඉතා බරපතළ සෞඛ්‍ය හේතූන්ගෙන් පීඩා විඳින දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටින්නන් සහ ඇප ලබාදීමක් හෝ චෝදනා ගොනුකර නඩු විභාගයක් සිදුකර නැති සිරකරුවන් පිළිබඳව මෙහිදී සැලකිල්ලට ගත් බව නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්යීක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.
බන්ධනාගාරවල සිරකරු ධාරිතාව දස දහසකි. එහෙත් විසිහයදහසට අධික සිරකරු පිරිසක් සිටිති. රටේ පවතින සෞඛ්යප තත්ත්වයද මෙහිදී සැලකිල්ලට ගෙන තිබිණ. මුදා හැරී පිරිස අධිකරණය ලබාදී ඇති සහනය කඩ නොකර, පනවා ඇති කොන්දේසි ඉටුකරමින් යහපත් අන්දමින් සමාජයේ හැසිරිය යුතු බවට අවධාරණය කෙරේ.