නිරෝධායනය කෙරෙන කාල සීමාව දින 14 සිට 21 දක්වා

අප්‍රේ 07, 2020

    නිරෝධායන මධ්‍යස්ථානවලදී පුද්ගලයන් නිරෝධායනය කෙරෙන කාල සීමාව දින 14 සිට 21 දක්වා වැඩි කිරීමට තීරණ කර තිබේ.

    ඒ මෙම රෝගය පාලනය කිරීම සඳහා ගනු ලබන තවත් පියවරක් ලෙසිනි.

    අද(07) පෙරවරුවේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 5 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති අතර, මේ වනවිට නිරෝධායනය අවසන් කර ඇති මුළු සංඛ්‍යාව 3415 කි.

    මේ අතර බණ්ඩාරගම, අටලුගම සහ මහනුවර, අකුරණ යන ප්‍රදේශ තවදුරටත් හුදකලා නගර ලෙස පවත්වාගෙන යනු ලබයි.

    Latest News