කලාතුරකින් දිස්වන සුපිරි හඳක් සහ ග්‍රහයින් 5ක් අද අහසේ

අප්‍රේ 07, 2020

    මෙම වසරේ දිස්වන පුරහඳවලින් විශාලතම සහ දීප්තිමත්ම වූ සුපිරි සඳ අද(07) දිනයේ දිස්වන බව වාර්තාවේ.

    ඒ සමඟ බුද, සිකුරු, අඟහරු, බ්‍රස්පති සහ සෙනසුරු යන ග්‍රහයින් 5ක් ද දැක ගත හැකියි.

    පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනුයේ ඉලිප්සාකාර මඟක බැවින් එහිදී චන්ද්‍රයා, පෘථිවියට ළගින්ම ගමන්කරන දිනයක දී පුරහදක් ඇති වුවහොත් චන්ද්‍රයා වෙනදට වඩා කි.මි. 50,000 ක් පමණ ළංවන බව ආතර් සී. මධ්‍යස්ථානයේ පරීක්ෂණ විද්‍යාඥ ජනක අඩසූරිය මහතා පවසයි. සඳුගේ සාමාන්‍ය ප්‍රමාණයෙන් පිහිටන දිනකට වඩා එය 14% විශාලව, හා 30% වඩා දීප්තිමත්ව, අද දිනයේ දැක ගත හැකිවේ.

    සුපිරි සඳක් නැරබිමට හොඳම වෙලාව චන්ද්‍රයා ක්ෂිතිජයෙන් තරමක් ඉහළින් පිහිටන සඳු පායන හෝ බසින අවස්ථා වේ. නමුත් රාත්‍රිය පුරාම මේ දීප්තිමත් සුපිරි සඳ දැක ගත හැකි වනු ඇත.

    Last modified on අඟහරුවාදා, 07 අප්‍රේල් 2020 20:21

    Latest News