COVID-19 ආසාදිතයින් සහ මරණ වැඩිම රට අමෙරිකාව වෙයි

අප්‍රේ 12, 2020

    අද වන විට ලොව වැඩිම COVID-19 මරණ සහ ආසාදිතයන් පිරිසක් වාර්තාවී ඇති රට වන්නේ අමෙරිකාවයි.

    ගතවූ පැය 24 තුලදීද එරටින් එක් දහස් අටසීය ඉක්මවූ මරණ සංඛ්‍යාවක් වාර්තාවී තිබුණි. මේ වන විට අමෙරිකාවේ මරණ සංඛ්‍යාව විසිදහස ඉක්මවා ගොස් තිබේ. එරටින් අදවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන පන්ලක්ෂ තිස්දහස ඉක්මවා ඇත.

    ලොව පුරා COVID-19 මරණ සංඛ්‍යාව අද වන විට එක්ලක්ෂ අටදහස් අටසීය ඉක්මවා ඇති අතර සමස්ත ආසාදිතයන් ගණන දැක්වෙන්නේ දාහත් ලක්ෂ හැත්තෑ අටදහසක් ලෙසයි. ඉන් ආසාදිතයන් හාරලක්ෂ හාරදහසක් පමණ පූර්ණ සුවය ලබා ඇත.

    Latest News