අනුරාධපුර, වට්ටක්කා මිලට ගැනීමට රජය මැදිහත් වෙයි

අප්‍රේ 12, 2020

    අනුරාධපුර සහ මහවිලච්චියේ වට්ටක්කා වගාවෙන් ලැබී ඇති විශාල පලදාව මිළදී ගැනීමට වහා පියවර ගන්නැයි රජය අනුරාධපුර දිසාපතිවරයාට දැනුම් දෙයි.

    වට්ටක්කා මිළට ගැනීමට අවශ්‍ය මුදල් දිසාපතිවරයාට ලබා දෙන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට උපදෙස් දී තිබේ. මිළ දී ගන්නා වට්ටක්කා තොග අනුරාධපුර දිසාපතිවරයාගේ ද සහාය ඇතිව කොළඹට ගෙන්වා දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දෙන්නැයි කොළඹ දිසාපතිවරයාට දැනුම් දී ඇත. සිය වට්ටක්කා ඵලදාව අනුරාධපුර දිසාපතිවරයාට භාරදෙන මෙන් රජය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Last modified on ඉරිදා, 12 අප්‍රේල් 2020 17:59

    Latest News