ඇඳිරිනීතිය පනවා තිබියදී අදාල සැකකරුවන් විසින් ඩිංගි යාත්‍රාවක් යොදාගෙන කේරල ගංජා තොගය මුහුදුමාර්ගයෙන් රැගෙන යද්දි උතුරු නාවික විධානයට අයත් භට පිරිසකගේ සෝදිසි මුර සංචාරයකට අදාල ඩිංගි යාත්‍රාව නිරීක්ෂණය වීමෙන් පසුව යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.
අදාළ කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාරගයෙන් යාපනයට රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටි අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22, 26 හා 37 වියෙහි පසුවන්නන් වෙති.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය සාකකරුවන් නාවික හමුදා නිලධාරීන් විසින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ගොඩබිමට රැගෙනඑමෙන් පසුව වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිසිය වෙතට භාර දීමට පියවර ගනු ලැබීය.