මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාලාභීන්ට නව වැඩපිළිවෙළක්

අප්‍රේ 16, 2020

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් වෙත සුදුසු පරිදි අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙල ඇති කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විෂය පථයට අදාළ වන වාහන ලියාපදිංචි කිරීමේ කටයුතු හා රියදුරු බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

    ඒ අනූව, වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම හා වාහන පරික්ෂා කර කාර්මික වාර්තා ලබා ගැනීම ආදී කටයුතු දැනටමත් ආරම්භ කර එහෙත් එම සේවාවන් සම්පූර්ණ කරග නොහැකි වූ හා එම සේවාවන් පිළිබඳව තොරතුරු විශේෂයෙන් අවශ්‍ය වන පාර්ශ්වවල පහසුව සඳහා එම එක් එක් ක්ෂේත්‍රය පිළිබඳව වගකීම දරණ නිලධාරීන්ගේ ජංගම දුරකථන අංක මේ සමග ප්‍රකාශයට පත් කර ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ.අලහකෝන් මහතා පවසයි.

    Latest News