අත්තිඩියේ 14ක් නිරෝධායනය අවසන්කර නිවෙස් වෙත

අප්‍රේ 20, 2020

    අත්තිඩිය ශ්‍රී ජන මාවතේ කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමෙන් පසු ඇය ඇසුරු කළ 24 දෙනෙක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමෙන් අනතුරුව දින 14ක නිරෝධායන කාල කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් පසු ඔවුන් තම නිවෙස් කරා යොමු කිරීමට කටයුතු කළේය.

    අද ඔවුන් තම නිවෙස් කරා පැමිණි අවස්ථාවේ දී ඔවුන්ව නැවත පරික්ෂා කර විෂබීජහරණයට යොමු කර නිවාස අවට ද විෂබීජහරණය සිදු කරනු ලැබීය.

    එම කොරෝනා රෝගියා හමු වීමෙන් පසු එම ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කරනු ලැබීය. එම ප්‍රදේශයේ නිවැසියන්ගේ නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කිරීමෙන් පසු ඔවුනට නිරෝධායන සහතික පත් ප්‍රදානය කිරීම ද අද සිදු කළේය.

    පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සිදුකළ එම විසි හතර දෙනා නැවත තම නිවාස වල දින දාහතරක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කරනු ලැබීය. රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජේ.එම් ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි මෙය සිදු කළේය.

     

     

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 18:11

    Latest News