පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද 8.45ට විනාඩි 2ක නිෂ්ශබ්දතාවයක්

අප්‍රේ 21, 2020

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින පෙරවරු 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වමින් දිවි අහිමිවූ හා විපතට පත්වූ අය සිහිකරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරයි.

    පෙරවරු 8.47ට පහනක් දල්වමින් රට තුල මෙවන් ව්‍යසනයක් නැවත ඇති නොවේවායැයි ප්‍රාර්ථනා කරන ලෙස ද කාදිනල් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
    අනුස්මරණ වැඩසටහන් ජනතාව ඒකරාශී කිරීමෙන් තොරව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 08:25

    Latest News