මහජනතාව ආහාර හා භාණ්ඩ අලෙවි කරන වාහන අසල රැදී සිටීමේදී මීටරයක පරතරය පවත්වා ගැනිම සිදුකළ යුතු බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේය.
ඔන්ලයින් ක්‍රමය යටතේ නිවසින් නිවසට ගොස් මාළු, එළවලු, පළතුරු හා බේකරි නිෂ්පාදන ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සදහා අවසර ලබාදී ඇති වෙළඳුන් සහ ආයතන ජංගම වෙළඳාම් කටයුතු සිදු කිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් පොලිසිය විසින් හදුන්වා දී තිබේ.
පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළදීම,පිරිසිදු ඇදුමකින් සැරසී සිටීම, වෙළඳාම් කටයුතු සිදුකරන අවස්ථාවේදී මුඛ ආවරණ සහ අත් ආවරණ පැළදීම, විෂබීජානුහරණ දියර භාවිත කිරීම හා බේකරි නිෂ්පාදන, පිසූ ආහාර ආදිය අලෙවි කරන්නේ නම් ඒවා අතින් ඇල්ලීම සිදුනොකර පාරිභෝගිකයින් වෙත ලබාදීම සදහා අවශ්‍ය උපකරණ භාවිත කිරීම සිදුකළ යුතු බව සඳහන්ය.
එමෙන්ම ආහාර සහ භාණ්ඩ අලෙවි කිරීමේදී කඩදාසි හෝ වෙනත් ආවරණ තුළට දමා අලෙවි කිරීම, මුදල් ස්පර්ශ කිරීමෙන් පසු එම අතින්ම ආහාර ද්‍රව්‍ය, භාණ්ඩ හෝ ආවරණ ස්පර්ශ කිරීමෙන් වැලකීම, ආහාර මිලදි ගැනීම සදහා පැමිණෙන මහජනතාවට ආහාර ඇල්ලීමට ඉඩ ලබානොදීම වැනි කරුණු කෙරෙහි අවදානය යොමුකළ යුතු වෙයි.