ශ්‍රී ලංකාව හා කුවේටය අතර සාකච්ඡා

අප්‍රේ 27, 2020

    ශ්‍රී ලංකාව තුළ COVID -19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බැවින් මෙරට තුළ නිරෝධායන පහසුකම් සීමිත මට්ටමක පවතින වාතාවරණයක් තුළ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් අතුරින් වඩාත් අවදානමට ලක්විය හැකි කාණ්ඩ හඳුනාගෙන, ඔවුන් සියරට පැමිණවීම මෙතෙක් සිදුකරන ලද බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.

    ලේකම්වරයා කියා සිටියේ, ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය සහ වෙනත් මාධ්‍යයන් හරහා මේ දක්වා එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 27,000 කට අධික සංඛ්‍යාවක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කැමැත්ත පළ කර ඇති බවයි.

    මෙම සංඛ්‍යාවට සංක්‍රමණික ශ්‍රමිකයන් හා යැපෙන්නන් 17,000 කට අධික සංඛ්‍යාවක් ද, සිසු සිසුවියන් 6,000 ක් සහ කෙටිකාලීන වීසා බලපත්‍ර දරන්නන් හා සංචාරකයින් 3,000 ක් පමණ ද ඇතුළත් වේ.

    වෛද්‍ය මතය අනුව ඔවුන් මුහුණ දී සිටින සුවිශේෂී අවදානම සැලකිල්ලට ගනිමින්, වර්තමාන නැවත සියරට පැමිණවීමේ පෙළගැස්මෙහි දී රජයේ අවධානය මේ වන විට යොමු වී ඇත්තේ ශිෂ්‍යයන් සහ රජයේ පුහුණු වැඩසටහන් සඳහා දකුණු ආසියාවට ගොස් සිටින අය කෙරෙහි බව ලේකම් ආර්යසිංහ මහතා පැවසීය.

    මෙම නැවත සියරට පැමිණවීමේ ක්‍රියාවලිය විදෙස් සබඳතා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ ඒ ඒ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ක්‍රියාත්මක කරනු ලබනුයේ කොවිඩ් -19 කාර්ය සාධක බලකාය සහ තවත් ජාතික ආයතන රාශියක් සමඟ සහයෝගයෙනි.

    වෙනත් ස්ථානවල ද වර්ධනය වෙමින් පවතින මෙවැනිම තත්වයන් පිළිබඳව විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් සමීපව අධීක්‍ෂණය කරනු ලබන අතර, නැවත සියරට පැමිණවීම සඳහා තීරණ ගැනීම සහ පහසුකම් සැපයීම පිණිස ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සලකා බැලීම සඳහා සුදුසු නිර්දේශ ලබා දෙනු ඇත.

    මේ අතර, ශ්‍රී ලංකා දූත මණ්ඩල 67 කින් යුත් ජාලය අවශ්‍යතා ඇති විදේශගත ශ්‍රී ලාංකික සහාය වෙමින් පහසුකම් සපයමින් සිටින බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.

    එම රටවල පිහිටි ශ්‍රී ලාංකික ප්‍රජා සහ ආගමික සංවිධානවල ද සහාය ඇතිව අවශ්‍ය අවස්ථාවන්හි දී වියළි සලාක සහ ඖෂධ ලබා දීමට අමතරව, වීසා බලපත්‍ර දීර්ඝ කිරීම, බැංකු හරහා මුදල් ගෙන්වා ගැනීම/අරමුදල් මාරු කිරීම, අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම සහ සමස්තයක් වශයෙන් එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා මෙම දූත මණ්ඩල ක්‍රියා කරයි.

    Latest News