COVID19 රෝගීන්‌ හඳුනාගැනුණු ප්‍රදේශ 2ක රෝගය පාලන වී ඇත (වීඩියෝ)

අප්‍රේ 29, 2020
  • පොකුරු වශයෙන්‌ රෝගීන්‌ හඳුනාගැනුණු ප්‍රදේශ දෙකක්‌ වන කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවන ප්‍රදේශය සහ ජා-ඇල, සුදුවැල්ල යන ප්‍රදේශ මේ වන විට පාලනය වී ඇත.

    මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌ විශේෂඥ වෛද්‍ය අනිල්‌ ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

    බේරුවල, අටලුගම, පුත්තලම, අකුරණ, යාපනය, මීගමුව සහ රත්නපුර යන ප්‍රදේශවලින්‌ ද පොකුරු වශයෙන්‌ රෝගීන්‌ හමුවුණු අතර, ඒවා මේ වන විට සම්පූර්ණයෙන්‌ පාලනය කර තිබේ. බණ්ඩාරනායක මාවත සහ සුදුවැල්ල ප්‍රදේශයේ මේ වනවිට හඳුනාගැනුණු රොගීන්‌ අඩු අගයක්‌ ගන්නා බවයි, සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන්‌ කරන්නේ.

    මේ අතර, පසුගියදා හැටේවත්ත, හැව්ලොක්‌ සහ දාබරේ මාවත යන ප්‍රදේශවලින්‌ පසුගියදා කොවිඩි - 19 රෝගීන්‌ වාර්තා විය.

    Last modified on බදාදා, 29 අප්‍රේල් 2020 16:35

    Latest News