එම නිවේදනයට අනුව ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු හේතුවෙන් මෙම තත්ත්වය ඇති වෙයි.
එහිදී පෙර සඳහන් කළ ස්ථානයන්ගේ මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ත් අතර විය හැකියි. මුහුදේ රළ ද ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.
ධීවර හා නාවිකයන්ට මේ පිළිබඳව අවධානයෙන් ඉන්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.