ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන, ජලසම්පාදන, නිවාස පහසුකම් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නාගරික කෘෂි ව්‍යාපෘතිය සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය ද නාගරික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර තිබේ.
කෝට්ටේ මාදිවෙල බටහිර ප්‍රදේශයේ නාගරික කෘෂි ව්‍යාපෘතියකට තෝරාගෙන ඇති ඉඩමක අනවසරයෙන් පදිංචිව සිටි නිවසක් 09වනදා රාත්‍රි ඇති වු වර්ෂාව හේතුවෙන් කඩාවැටි ඇති අතර එම අසරණ පවුලටම 10වනදාම නව නිවසක් ලබාදිමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පියවර ගන්නා ලදි.
දරුවන් දෙදෙනෙකු සමග අඩු අදායම්ලාභින් පවුලක් මෙහි ජීවත්ව ඇති අතර එම පවුලේ ප්‍රධානියා වන අනුරාධ චිනත් ක පේ‍්‍රමදාස මහතාට නව නිවසේ හිමිකාරිත්වය නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා මහතා විසින් භාරදෙන ලදි. එම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ අධක්ෂක ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ද සහභාගී විය.
කොලොන්නාව සාලමුල්ල මහල් නිවාස සංකිර්ණයයේ පිහිටි රුපියල් ලක්ෂ 50 වටිනාකමකින් යුත් නව නිවසක් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්රදානය කෙරුණි.
මාදිවෙල බටහිර ප්‍රදෙශයේ මෙසේ අනවසරයෙන් පදිංචිව සිටින තවත් පවුල් 09ක් වෙත මාසයක කාලයක් ඇතුළත මේ ආකාරයට නව නිවාස ලබාදිමට නයිමිතයි.
පාර්ලිමේන්තු සංකිර්ණය අවට වගාකල හැකි කුඹුරු අක්කර 460ක් නාගරික සංවර්ධන අධිකාරිය සතු අතර නාගරික කෘෂිකර්මාන්තයේ පළමු අදියර 2013 වසරේ තලවතුගොඩ කිඹුලාවල ප්‍රදේශයේදි ආරම්භ කෙරුණේ වර්තමාන ජනාධිපති එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය.
එහි දෙවන අදියර පසුගියදා මාදිවෙල බටහිර ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණු අතර එහි වගා කෙරෙන අක්කර ප්‍රමාණය 23කි.
තලවතුගොඩ, මාදිවෙල, කෝට්ටේ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකම නාගරික කෘෂිකර්ම ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරිමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.