ඔවුන්ට ප්රවාහන පහසුකම් නොමිලයේ ලැබුණු අතර සෞඛ්යරක්ෂිත ක්රමවේදවලට අනුකූලව එය සිදු කෙරුණා. ගම්පහ නගරසභා ක්රීඩා පිටියට අද උදේ පැමිණි පිරිස ගාල්ල, බදුල්ල, අම්පාර, තිකුණාමලය, අනුරාධපුරය, මාතර, පුත්තලම, මඩකලපුව ඇතුළු දිස්ත්රික්ක කිහිපයකට පිටත් කරනු ලැබුවා. වැඩසටහන සම්බන්ධීකරණය කළේ, අග්රමාත්ය කාර්යාලයයි.