ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අවදානමක්

දෙසැ 25, 2018

    උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව, බස්නාහිර, මධ්‍යම යන පළාත්වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 6ක පමණ කාලසීමාවේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් ද පවතී.

    තාවකාලික තද සුළං ඇතිවීමේ හැකියාවක් ද පවතින අතර, ඒ සම්බන්ධයෙන් ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බදාදා, 26 දෙසැම්බර් 2018 07:40

    Latest News