ඒ අනුව ආර්ථික පුනර්ජීවනය හා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අතිශයින්ම වැදගත්වන ක්ෂේත්‍ර ලෙස කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, පශු සම්පත් හා ධීවර යන ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති අතර, මෙම ක්ෂේත්රයන්හි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා අවශ්‍ය භූමි හඳුනා ගැනීම සම්බන්ධයෙන් මෙහි දී වැඩි අවධානය යොමු විය.
මෙරට ගෘහස්ථ ආදායම රුපියල් 10,000ට අඩු පවුල් දෙලක්ෂ පනස්පන්දාහස් හත්සිය තිස් එකක් (255731) වන අතර, රුපියල් 10,000 ත් 20,000ත් අතර ගෘහස්ථ ආදායමක් ලබන පවුල් පන්ලක්ෂ හැට අටදහස් හත්සිය පහලොවක් (568715) පමණ වෙයි.
ඒ අනුව මෙරට පවුල් දස ලක්ෂයක පමණ ප්‍රමාණයක ගෘහස්ථ ආදායම වැඩි කරගැනීම ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ඉලක්කය වන බව එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. තවදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යාංශ හා ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටියේ මෙරට කෘෂිකර්මාන්තය සහ පශු සම්පත් සංවර්ධනය සඳහා යෙදවිය හැකි භූමි සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට කටයුතු කරන ලෙසයි.
එසේම මෙම සාකච්ඡාවේ දී පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කෙරුණි,
- බාහිරබලපෑමකින්තොරවමෙරටආර්ථිකපුනර්ජීවනයඇතිකිරීම, දරිද්රතාවයතුරන්කිරීමහාආහාරසුරක්ෂිතතාවඇතිකිරීම.
- අප රටේ ඇති ඉඩම් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් වගා කිරීම සඳහා ඇති ඉඩම් හඳුනා ගැනීම.
- භූමියේ ස්වභාවය හා නිෂ්පාදන අවශ්‍යතාව මත වගා කළ හැකි බෝග හඳුනාගැනීම.
- ඒ ඒ ආයතනවලට පවරා ඇති ඉඩම් ඵලදායී ලෙස යොදා ගැනීම.
- ගෙවතු වගාව පුළුල් කිරීම මඟින් ගෘහස්ථ පරිභෝජනයට අමතරව දේශීය වෙළෙඳපොළ සඳහා නිෂ්පාදන ලබා ගැනීම.
- අවිධිමත් ලෙස විවිධ ආයතන වෙත පවරා ඇති ඉඩම් විධිමත් කර ඒවා නිෂ්පාදන කටයුතු සඳහා යෙදවීම.
- ධීවර කර්මාන්තය සඳහා ඵලදායී වැඩපිළිවෙලක් සකස් කිරීම.