මේ පිළිබඳ පැමිණිල්ලක් ද අද මැතිවරණ කොමිසමට ඉදිරිපත් කෙරිණ.
එත්නජීවන් හූල් මහතා අදාළ ප්රකාශය කර තිබුණේ පසුගියදා කේබල් රූපවාහිනී නාලිකාවකට ප්රකාශයක් ලබාදෙමින්.
මෙම ප්රකාශයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණට අගතියක් වන බවට පැමිණිල්ල මැතිවරණ කොමිසමට බාරදෙනු ලැබුවේ එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතායි. හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අංගජන් රාමනාදන් මහතා ද හූල් මහතාගේ ප්රකාශය පිළිබඳ ඊයේ මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.