‘කහ තිත් පළගැටි‘ උවදුර පාලනයට විශේෂ වැඩසටහනක්

ජූනි 07, 2020

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින කහ තිත් සහිත පළගැටි කෘමි තර්ජනය මැඩපැවැත්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ.

    ඒ අනුව පළඟැටියන් තර්ජනය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රාදේශීය මහලේකම් මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.

    මෙම උවදුර කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පැතිර පවතී. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා ඇතුළු කෘෂිකර්ම නිලධාරීන් කණ්ඩායමක් කෘමීන් වගාවට හානි කර ඇති ප්‍රදේශ පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    මුලින් ගෙවතු වගාවට පමණක් සීමා වූ කහ මෙම පළගැටියා තර්ජනය දැන් තේ, පොල් සහ රබර් වගාවන් දක්වා ව්‍යාප්ත වී ඇත. මීට පෙර මෙම පළඟැටියන් උවදුර මාතර, අඹේපුස්ස සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලින් වාර්තා විය.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ උවදුර මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව ගොවීන්ව, කෘෂිකර්ම නිලධාරීන් හරහා දැනුම් දී ඇති බවයි.

    මේ සම්බන්ධ ගැටළු 1920 දුරකථන අංකය ඇමතීමෙන් දැනුම් දිය හැකි බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News