පිරිවෙන් හා දහම් පාසන් අධ්‍යාපනයේ උන්නතියට රාජ්‍ය අනුග්‍රාහකත්වය...

ජූනි 19, 2020

    පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය දීමට ක්‍රියා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය පිරිවෙන් අධ්‍යාපනයට ලබා දිය යුතුයි. ඊයේ රැස් වූ බෞද්ධ උපදේශක සභාව හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

    බෞද්ධ උපදේශක සභාව රැස්වූයේ තෙවන වරටයි. එය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. පිරිවෙන් විෂය නිර්දේශය සංශෝධනය විය යුතු බව මහ සංඝරත්නය මෙහිදී අවධාරණය කළේය. පිරිවෙන් විෂය මාලාවට සමගාමීව තොරතුරු තාක්ෂණය ඉගැන්වීමේ අවශ්‍යතාව ද දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණ.

    Last modified on සිකුරාදා, 19 ජූනි 2020 13:35

    Latest News