සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පූදූර් මංගල්‍යය හෙට

ජූනි 21, 2020

    හෙට පැවැත්වෙන වවුනියාව පූදූර් මංගල්‍යයේ චාරිත්‍ර පමණක් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන බැවින්, ඈත පළාත්වලින් ඒ සදහා කිසිවෙකු සහභාගී නොවන ලෙස යළි ඉල්ලීමක් කෙරේ.

    දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා පවසන්නේ, එලෙස පැමිණෙන පිරිස් ආපසු හරවා යැවීමට පියවර ගෙන ඇති බවයි. වවුනියාව පූදූර් මංගල්‍යය සෑම වසරකම පැවැත්වෙන්නේ, සිංහල,දෙමළ බැතිමතුන් ලක්ෂ 5කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්.

    ඊට රාජ්‍ය අනුග්‍රහය ද හිමි වෙයි. එහෙත්, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පූදූර් මංගල්‍යය මෙවර ඉතා සීමිත පිරිසකට සීමා කිරීමටයි, පියවර ගෙන ඇත්තේ. ඒ අනූව, පූදූර් මංගල්‍යයේ චාරිත්‍ර පමණක් ඉටු කෙරෙන අතර, සෞඛ්‍ය හේතූන් මත දුරබැහැර ප්‍රදේශවලින් බැතිමතුන් කිසිවෙකු ඊට සහභාගී නොවන ලෙස දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා දැනුම් දෙයි. ඔහු ඉල්ලා සිටින්නේ, සියලුදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ලද එම තීරණයට බැතිමතුන්ගේ සහය ලබාදෙන ලෙසයි.

    Latest News