චීනයෙන් ශ්‍රී ලංකාවට සහනාධාර භාණ්ඩ තොගයක්

ජූනි 25, 2020

    ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූවෙයි මහතා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද, තුන් වැනි වසංගත පාලන සහනාධාර භාණ්ඩ තොගය බාර දෙයි.

    ෂී ජින්පිං හා ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ නිවැරදි මඟපෙන්වීම් යටතේ, චීනයේ හා ශ්‍රී ලංකාවේ ජනතාව විනයානුකූලව සහයෝගය හා සමගිය පළ කළ නිසා,දෙරටට ම නව කොරොනා වසංගතය පාලනය කිරීමට හැකි වූ බව, ‍හූවෙයි මහතා එහිදී ප්‍රකාශ කළේය.

    චීනය හා ශ්‍රී ලංකාව එකිනෙකාට අනුබල දක්වමින්, දෙරටේ මිත්‍රත්ව ඉතිහාසයට තවත් සංවේදී කරුණු රැසක් එකතු කර ඇතැයි ද ඔහු කීය.

    සෞඛ්‍ය ඇමතිනිය එහිදී පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ වසංගත තත්ත්වය වාර්තා වීමෙන් පසු, චීනය සිය වසංගත පාලන අත්දැකීම් බෙදා දුන් අතර විශාල පරිමාණයේ වෛද්‍ය භාණ්ඩ පරිත්‍යාග කර ඇති බවයි.

    ශ්‍රී ලංකාවේ වාර්තා වූ ආසාදිතයින් 2000 පමණ දෙනෙකු අතරට චීන ජාතිකයින් හරහා ආසාදනය වූ සිද්ධියක් වාර්තා නොවීම තුළින්, චීන පාර්ශ්වයේ දැඩි විනයානුකූලභාවය පිළිබිඹු වී ඇතැයි ද ඇය කියා සිටියාය.

    Latest News