යුරෝපයේ ආසාදිතයින් ඉහළට

ජූනි 26, 2020

    යුරෝපයේ කොරෝනා ආසාදිතයන් පසුගිය සතියේ ඉහළ ගොස් තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, නිරෝධායන නීති ලිහිල් කිරීමත් සමග ජනතාවගේ ඒ සම්බන්ධයෙන් ඇති සැලකිලිමත්භාවය අඩුවීම මේ තත්වයට හේතුව බවයි. රටවල් 11කින් විශාල වශයෙන් රෝගීන් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    ජනතාව නිසි ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග නොගතහොත් යුරෝපය පුරා අවදානම තවත් ඉහළ යා හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද යුරෝපා කලාපය තුළ පමණක් මේ වන විට ආසාදිතයින් 26 ලක්ෂයකට අධික පිරිසක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව එක් ලක්ෂ අනූ පන් දහස ඉක්මවයි.

    Last modified on සිකුරාදා, 26 ජූනි 2020 12:17

    Latest News