බලපත්‍ර රහිතව ධාවනය කළ දුර ගමන් සුඛෝපබෝගී බස් රථ 3ක් අත්අඩංගුවට

ජූනි 28, 2020

    නීති විරෝධි ලෙස මාර්ග බලපත්‍ර රහිතව ගමන් කළ දුර ගමන් සුඛෝපබෝගී බස් රථ 3ක් ජාතික ගමනා ගමන කොමිසම හා පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ සිට දිනපතා නීති විරෝධි ලෙස මාර්ග බලපත් නොමැතිව දුර ගමන් සේවාවල නිරතවන සුඛෝපභෝගී බස් රථ අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට ලබාදී ඇති උපදෙස් අනුව මෙය සදු කරනු ලැබීය. එම ගමන් වාර සඳහා මගීන්ට දරාගත නොහැකි විශාල ගාස්තුවක් ද අය කෙරේ. මෙලෙස ධාවනය කෙරෙන බස් රථ 30කට ආසන්න ප්‍රමාණයක් කොළඹ විවිධ ස්ථානවල ගාල්කර තබා රාත්‍රී කාලයේ දී යාපනය සහ මඩකලපුවට මගීන් ප්‍රවාහනය කරන බව අනාවරණය වී තිබේ. මෙවැනි බස් රථ අත්අඩංගුවට ගත්ත ද ඔවුන්ට සුළු දඩයක් පැනවීම හේතුවෙන් නැවතත් එම ක්‍රියාවේම යෙදෙන බව බස් රථ හිමිකරුවන්ගේ සංගමය පෙන්වා දී ඇත. ඒ නිසා මෙවැනි බස් රථ අත්අඩංගුවට ගැනීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනා ගමන කොමිසමට උපදෙස් ලබා දී තිබේ. ඊයේ රාත්‍රී මඩකලපුවට ධාවනය කළ බස් රථ දෙකක් සහ යාපනයට ධාවනය කළ බස් රථයකුයි මෙලෙස අත්අඩංගුවට ගැණුනේ.

    Latest News