මෙය, ක්‍රිස්තු වර්ෂ 14 වැනි සියවසට අයත්. සමස්ත සැලසුමට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 350ක්.
කුරුණෑගල රාජධානියේ රජවරුන් සිව් දෙනෙකු සිට ඇති අතර, කුරුණෑගල පැරණි රජමාලිගා පරිශ්‍රය එම රජවරුන් භාවිතයට ගත් බවට පුරාවිද්‍යාත්මක සාධක ද පවතී. වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවත්වා ගෙන යන්නේ, ඉංග්‍රීසින් ඉදිකළ වසර 200ක් පමණ පැරණි මෙම ගොඩනැගිල්ලේයි. කුරුණෑගල රාජධානියේ ඓතිහාසික තොරතුරු ලබාගත හැකි තොරතුරු මධ්‍යස්ථානයක් ද මෙහි ස්ථාපනය කෙරේ.
පාසල් සිසුන්ට, දෙස්-විදෙස් සංචාරකයින්ට කෞතුකාගාරය හා රජමාලිගා පරිශ්‍රය නරඹා දැනුම වර්ධනය කරගැනීමට හැකිවන සේ කෞතුකාගාරය ගොඩනඟන ලෙසයි, උපදෙස් දී ඇත්තේ. කුරුණෑගල රජ සමයේ දන්ත ධාතූන් වහන්සේ වැඩසිටි පැරණි දළදා මාලිගාවේ නටඹුන් ද මෙහි දක්නට ලැබේ.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ, දෙතිස්එල බෝධින් වහන්සේගෙන් එක් බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇත්තේ ද මෙම ස්ථානයේ.
මාලිගා පරිශ්‍රයේ සිට ඇතුගල දක්වා රජ සමයේ පැවති අඩිපාර ප්‍රතිසංස්කරණය කිරීමට ද නියමිතයි. ව්‍යාපෘතියේ මුලික සැලසුම් යටතේ කෞතුකාගාරයක් බවට පත්කිරීමේ වාස්තු විද්‍යාත්මක සැලැස්ම දැනටමත් සකස්කර අවසන්. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ රජ මාලිගා පරිශ්‍රය කෞතුකාගාරයක් බවට පත්කිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කෙරේ. එහිදී පැරණි උරුමයන් ආරක්ෂා වන ආකාරයෙන් එම කටයුතු සිදු කරන ලෙස අගමැතිතුමා උපදෙස් දී ඇත.