ඒ එම වාහන යොදා ගනිමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට හෙළි වීමත් සමගයි.
වාහන අතරට, වෑන් රථ දෙකක්, ජීප් රථයක් සහ මෝටර් රථයක් අයත් වේ.
පොලීසිය පැවසුවේ, සැකකාර නිලධාරීන් සතුව තිබී ටී - 56 ගිනි අවි සඳහා යොදන මැගසින් එකක් ද සිය භාරයට ගත් බවයි.
දැනට සැකකරුවන් සතුව තිබු රුපියල් තුන්කෝටි එකලොස් ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් ද, සොයා ගෙන ඇති අතර, තවත් රුපියල් ලක්ෂයක මුදලක් කරන්දෙණිය ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පැවසීය.
මේ අතර, සැකකාර පොලිස් නිලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කිරිමට පියවර ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන්ගේ සේවය ද අත්හිටුවා ඇති බවයි.