ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම පිරිස අද (02) දකුණු කොරියාවේ “සෝල් නුවර“ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි මෙම පිරිස දකුණු කොරියාවේ රැකියා සඳහා ගොස් සිටි පිරිසකි.
ඔවුන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් පසු පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කළ බව අප වාර්තාකරු ප්රකාශ කළේය.