එම කාර්යාංශය වෙත ලැබී තිබූ මූල්‍ය වංචා පැමිණිලිවලට අදාළව ඊයේ දිනය තුළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව, පොලිසිය පවසයි. සැකකරුවන් අතර කාන්තාවන් 09ක් වේ. මූල්‍ය වංචා, මුල්‍ය විශ්වාසය කඩ කිරීම්, බහු විවාහ ඇතුළු අපරාධ 70කට පමණ සැකකරුවන් සම්බන්ධ බව, හෙළි වී ඇත. ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් විසඳුණු අපරාධවල මූල්‍ය වටිනාකම රුපියල් දස කෝටි 84 ලක්ෂ 70,356ක්.