මෙරට දිනක් තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් අද (වීඩියෝ)

ජූලි 10, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳුණු 296 දෙනෙකු අද මෙරටින් වාර්තා විය.

    ඔවුන්ගෙන් 283 දෙනෙකුම හඳුනා ගැනුණේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන්. විදේශයන්හි සිට පැමිණි 13ක් අද හඳුනාගත් රෝගීන් අතර වේ. මෙතෙක් මෙරටින් දිනක් තුළ වැඩිම කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ අදයි.

    මෙරකන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොවිඩ්-19 රෝගය වැළඳුණු 56 දෙනෙකු ඊයේ හඳුනා ගැණින. ඒ අනුව, එම මධ්‍යස්ථානයෙන් වාර්තා වුණු සමස්ත කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 339ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයෙහි සේවය කරන කාර්ය මණ්ඩලයේ තවත් 66 දෙනෙකු අද උදේ පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ. ඒ මින්නේරිය කටුකැලියාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ දී.

    Last modified on සිකුරාදා, 10 ජූලි 2020 20:24

    Latest News