මහ බැංකුවේ රන් සංචිතය පහළට

ජූලි 13, 2020

    මහ බැංකුවේ රන් සංචිතය මෙම වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන පන්සීයකින් පමණ පහත වැටී තිබේ.

    මහ බැංකු දත්තවලට අනුව 2019 දෙසැම්බර් 31 වැනි දින වනවිට බැංකුව සතුව තිබූ රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 945.88කි.

    මෙම සංචිතය මෙම වසරේ පළමු මාස පහක කාලයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 372.7ක් දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 582කින් පහත වැටී ඇත.

    මෙම අවගමනය පසුගිය අප්‍රේල් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 369.05 දක්වාද පහත වැටී තිබිණ.

    මේ අතර, පසුගිය සතියේ මෙරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය දක්වා ඉහළ ගියේය.

    ඊට සාපේක්ෂව කැරට් 22 රන් පවුමක මිල රුපියල් අසූ දහස ඉක්ම විය.

    මෙලෙස දේශීය රන් මිල අධිකව ඉහළ යෑමට හේතුව ගෝලීය වෙළෙඳපොළේ මිල ඉහළ යෑමයි.

     

    Latest News