අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බෑග්ලේ (Gopal Baglay) මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවක දී මෙම එකඟතාව පළ කළේය.
අනාදිමත් කාලයක පටන් පවත්නා ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස, පාසල් පද්ධතිය සංවර්ධනය වෙනුවෙන් මෙම මූල්‍යාධාර ලබා දීමට එකඟතාව පළ කර ඇත.
උතුරු නැගෙනහිර සහ වතුකරයේ පාසල්වලට මෙන් ම සංවර්ධන අවශ්‍යතා සහිත දිවයිනේ සෙසු පාසල් නඟාසිටුවීම වෙනුවෙන් ද සහාය වන ලෙස එහි දී අධ්‍යාපන අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර, ඒ අනුව ඉදිරියේ දී සෙසු පාසල්වල සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ද ඉන්දීය රජයේ සහයෝගය ලබා දෙන බව මහකොමසාරිස්වරයා සඳහන් කළේය.