අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාර ලේකස් එස්. ආර් ආටිගල මහතා පසුගියදා දැනුම් දුන්නේ එම ගෙවීම් කඩිනම් කරන ලෙසයි.
දිවයිනපුරා පිහිටි මහජන බැංකු ශාඛා මගින් අදාළ ගෙවීම් සිදු කෙරේ. ද ෆිනෑන්ස් සමාගමේ තැන්පතුකරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ 46,000ක්. ඊ ටී අයි මූල්‍ය තැන්පතු සමාගමේ තැන්පතුකරුවන් 38,000කට ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විස් පොදු සමාගමේ තැන්පතුකරුවන් 9,000කට ද අද සිට දිවයිනේ සියලු මහජන බැංකු ශාඛා මගින් ගෙවීම් ආරම්භ කර ඇති බව, එම බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පවසයි.