කටාර් සිට පැමිණි කිව්.ආර්.668 දරණ ගුවන් යානයෙන් අද අලුයම 1.30ට පමණ ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි, වාර්තා වන්නේ.
විදේශ රටවලට අයත් නෞකාවක සේවය කළ ශ්රි ලාංකිකයන් 47 දෙනෙක් සහ මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල සේවය කරන පවුල් දෙකකට අයත් නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අට දෙනෙක් ද එලෙස දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව මෙම පිරිස පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකර තිබිණ.