නිවාස ගැටලුව විසඳිය හැක්කේ UNPයට පමණයි; රනිල් (වීඩියෝ)

ජූලි 28, 2020
  • කොළඹ නාගරික නිවාස ගැටලුවට විසඳුම් ලබාදිය හැක්කේ, එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවකට පමණක් බව, එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මැද කොළඹ ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා....

    “අද ජීවන මිල වැඩිවෙනවා ඒක පාලනය කරන්න පුලුවන්, සහන දෙන්න පුලුවන් එක්සත් ජාතික පක්‍ෂයට පමණයි. අපි ජනතාව අතට මුදල් දෙන්නේ ඔබේ වෙළෙඳාම දියුණු කරන්න, ආර්ථිකය දියුණු කරන්න“ යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 28 ජූලි 2020 20:43

    Latest News