මාලදිවයිනේ සිටි ලාංකිකයින් පිරිසක් යළි දිවයිනට

අගෝ 13, 2020

    මාලදිවයිනයෙහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙක් අද (13) දහවල් මෙරටට පැමිණ තිබේ.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 102 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස දහවල් 1.30ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

    මෙම ගුවන් මගීන් අතර සිටි වැඩි පිරිසක් එරට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටි අය බවට තොරතුරු වාර්තා වෙයි.

    මොවුන් මත්තල ගුවන් තොටුපළ වෙත පිවිසීමෙන් පසුව පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය කර තිබේ.

    Latest News