ඊට අදාළ ප්රමිති සහතිකය ශ්රී ලංකා ප්රමිති කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් ශෂිකා ඩී සේනාරත්න මහත්මිය විසින් එම වතු යායේ වතු අධිකාරී වෙත ඊයේ පිරිනමනු ලැබිය.
ප්රමිති කාර්යාංශය විසින් නිර්දේශ කරන ලද සෞඛ්යාරක්ෂිත ක්රමවේද අනුගමනය කිරීම පිළිබඳව මාස දෙකකට ආසන්න කාලයක් සිදුකළ අධීක්ෂණයකින් අනතුරුවයි, සහතිකය පිරිනමා ඇත්තේ.