ඊයේ (30) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 17ක්.
මෙම ආසාදිතයින්ගෙන් 12 දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයයි. අනෙක් තිදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්.
ඉන්දියාවේ සිට පැමිණි නාවිකයින් දෙදෙනෙක් ද ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර වේ. මේ වන විට සමස්ථ ආසාදිතයින්ගෙන් 2860 දෙනෙක් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ආසාදිතයින් 140 දෙනෙක් මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.