අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන (වීඩියෝ)

සැප් 01, 2020
  • විදෙස් රටවල සැඟව සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන අපරාධ කල්ලි සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රතු නිවේදන ලබාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

    එම රතු නිවේදන ජාත්‍යන්තර පොලිසිය වෙත යොමු කිරීමට නියමිතයි. සුරංග නොහොත් වැල්ලේ සුරංග, පරණමානගේ චමින්ද නොහොත් කලු සාගර, සුරසිංහ ආරච්චිගේ ගිහාන් ෆොන්සේකා, සෝමු සුප්පයියා නොහොත් යෝගු, කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා, සිංහාර අමල් සමින්ද සිල්වා නොහොත් කුඩු අංජු, එම අපරාධ කල්ලි සාමාජිකයන්ගේ කිහිප දෙනෙක්.

    දිනූක මදුෂාන්, නල්ලපෙරුම තන්ත්‍රිගේ ධනුක රොෂාන් නොහොත් කෙසෙල්වතේ දිනුක, එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් ධර්මේ, සුජීව ද සොයිසා නොහොත් කොස්ගොඩ සුජී යන අය ද ඒ අතර වේ. මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා, බාලචන්ද්‍ර පුෂ්පරාජ් නොහොත් පූකුඩිකන්නා සහ සෙල්වරාජ් ධනේෂන් යන පිරිස එම පිරිසට අයත් වන අතර, ඔවුන් සම්බන්ධයෙන් මෙලෙස රතු නිවේදන ලබාගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 01 සැප්තැම්බර් 2020 19:46

    Latest News