මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කොමිෂන් සභාවේ අනාවරණය වී ඇති සාක්ෂි ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පෙත්සම් විභාගයට සම්බන්ධ කර ගන්නා ලෙසට අද (02) පෙත්සම්කරුවන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මෝෂම් ගොනු කරන ලදී.
එම මෝෂම් හෙට (03) දින සලකා බැලීමට නියමිතයි.
මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති හිටපු ජනාධිපති ලේකම් සහ හිටපු අගමැති ඇතුළු වග උත්තරකාර පාර්ශවයන් කිහිපයක් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව අද දැනුම් දී තිබෙනවා.