වැසි සහ සුළං තත්වයේ වැඩි වීමක්

සැප් 05, 2020

    දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් හෙට (06) සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    එමෙන්ම දිවයින හරහා පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.

    පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් කඳුකර ප්‍රදේශවල නායයෑම් ඇති වීම, පහත් බිම් ජලයෙන් යටවීම සහ මාර්ග අසල ඇති විශාල ගස් ගැලවී යා හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Latest News