ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

සැප් 16, 2020

    සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය. වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

    දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන සුළං පැ.කි.මී. 50 පමණ වේ.

    Last modified on බදාදා, 16 සැප්තැම්බර් 2020 10:31

    Latest News