මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

සැප් 18, 2020

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකු බව පැවසෙන “ආමි ශිවා“ නමැත්තා ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    කළුතර කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකය කළ මෙහෙයුමකදී ඔහු අත්අඩගුවට ගැණින. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3ක්, ගිනි අවියක්, ජීව අත්බෝම්බයක්, හමුදා නිල ඇඳුම් දෙකක්, වෙඩි නොවඳින කබායක් හා පොළොන්නරුව ප්‍රදේශය දැක්වෙන සිතියමක් සහ ලේඛන කිහිපයක් පොලිසියට බාරයට ගෙන තිබේ.

    Latest News