රවින්ද්‍ර සමරවීර මහතා, කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය ලෙස ද වී. රාධක්රිෂ්නන් මහතා, විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ලෙස ද දිවුරුම් දුන්හ. වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේ අබ්දුල්ලා මහරුෆ් මහතායි.
මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ කම්කරු, වෘත්තීය සමිති සම්බඳතා අමාත්‍යධූරයේ සංශෝධනයක් සිදුව තිබේ. ඒ අනුව ඔහුට හිමිව ඇති නව අමාත්‍යධූරය වන්නේ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යධූරයයි.