අද වැසි වාර කිහිපයක්

ඔක් 04, 2020

    සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 40 පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    Latest News