වගා ළිඳේ සිටි “කන්කොටා” ගොඩට (වීඩියෝ)

ඔක් 05, 2020
  • පුත්තලම, නවගත්තේගම ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු බේරා ගැනීමට වනජීවි නිලධාරීන් ඊයේ සමත්වූහ.

    අනතුරුව, එම සත්වයා හොරොව්පතාන, අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබීය. වන අලියා “කන්කොටා“ නමින් හැඳින්වේ.  නවගත්තේගම, රඹකනයාගම ගම්මානයේ වගා ලිඳකට වැටී සිටි වන අලියා පිළිබඳ ප්‍රදේශවාසීන් වන ජීවි නිලධාරීන්ට දැනුම් දී තිබේ.  මහත් පරිශ්‍රමයක් දරා වන අලියා ගොඩට ගැනීමට වනජීවි නිලධාරීන් සමත්වූහ.

     

    මෙම සත්වයා මීට පෙර ගම්මානයේ වගාවන් සහ නිවාසවලට හානි සිදුකර තිබේ.  අවුරුදු 35ක් පමණ විය හැකි බවට විශ්වාස කෙරෙන වන අලියා අඩි 09ක උසකින් යුක්තයි.

    Last modified on සදුදා, 05 ඔක්තෝබර් 2020 19:51

    Latest News