පසුගිය 27 වැනි දින සිට ක්රියාත්මකවන පරිදි ඉහළ නංවා ඇති මෙම බදු ප්රතිශතයන් අනුව ආනයනික මාළු කිලෝ ග්රෑමයක් මත අය කරන බද්ද රුපියල් 200 කි.
ආනයනික කරවල කිලෝ ග්රෑමයක් සඳහා රුපියල් 127 ක් හා උම්බලකඩ කිලෝ ග්රෑමයක් සඳහා රුපියල් 302 ක බද්දක් පනවා ඇති බව ඇය සඳහන් කළාය.
ලේකම්වරිය ප්රකාශ කළේ, මේ දිනවල මෙරට ඉහළ මාළු අස්වැන්නක් ලැබෙන බවයි.
ඒ අනුව, කරවල හා උම්බලකඩ නිෂ්පාදනය ද ඉහළ යමින් ඇති බවයි ඇය ප්රකාශ කරන්නේ.